ශල්‍ය මුව ආවරණ හිඟයක් - සමස්ථ ලංකා හෙද සංගමය

මෙරට ප්‍රධාන පෙළේ රෝහල් පද්ධතිය තුළ ශල්‍ය මුව ආවරණ ඇතුළු කොරෝනා සඳහා භාවිතා කරන ආරක්ෂක උපකරණ කට්ටල වල හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්බී මැදිවත්ත මහතා ප්‍රකාශ කරනවා.
එම නිසා අදාළ ශල්‍ය මුව ආවරණ ඇතුළු ආරක්ෂක උපකරණ ලබාදීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම රැපිඩ් ඇන්ටිගෙන් පරීක්ෂාව සිදු කිරීම සඳහා අවශ්‍ය Test Kit ද මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සතුව නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
1104 Views
Comments