පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින නියමයකින් තොරව වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින නියමයකින් තොරව වසා දැමේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින නියමයකින් තොරව වසා දැමේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සැපයූ සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙන තුරු නැවත්වීමට තීරණය කල බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

 

ඉදිරිපත් වුණු නව කොවිඩ් 19 මාර්ගෝපදේශයන් ට අනුකූල වෙමින් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

 

මහජන සේවා අත්හිටවූවත් හැඳුනුම්පත් ලබා ගන්න සඳහා දින වෙන්කර ගත් අයට ඔවුන්ගේ හැඳුනුම්පත් පුද්ගලික ලිපිනයන්ට එවන බව ද මෙහිදී සඳහන් කෙරුනා.

 

විභාග ඇතුළු යම් හදිසි අවශ්‍යතාවන් සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට පහත දුරකථන අංක මගින් වැඩි විස්තර ලබාගත හැකිය.

 

ප්‍රධාන කාර්යාලය දුරකථන අංක - 0115 226 126 / 0115 226 100
දකුණු පළාත් කාර්යාලය - දුරකථන අංකය - 0912 228348
වයඹ පළාත් කාර්යාලය දුරකථන අංකය - 0372 224 337
නැගෙනහිර පළාත් කාර්යාලය  - දුරකථන අංකය - 0652 229 449
උතුරු පළාත් කාර්යාලය - දුරකථන අංකය - 0242 227 201

 

 

 

 

 

 

 

source : adaderana

views

667 Views

Comments

arrow-up