කුරියර් එකෙන් එවූ දුරකථන පැන්නූ කුරියර් එකේම සේවකයන් 06ක් මාට්ටු - මාස 04ට දුරකථන 19ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

කුරියර් එකෙන් එවූ දුරකථන පැන්නූ කුරියර් එකේම සේවකයන් 06ක් මාට්ටු - මාස 04ට දුරකථන 19ක්

කුරියර් එකෙන් එවූ දුරකථන පැන්නූ කුරියර් එකේම සේවකයන් 06ක් මාට්ටු - මාස 04ට දුරකථන 19ක්

විදෙස්ගතව සිටින තම ඥාතීන් විසින් මෙරටට එවන ලද ජංගම දුරකථන වංචනික ලෙස සුරා ගැනීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙසේ සොරා ගනු ලබන්නේ කුරියර් සේවාවන් හරහා මෙරටට එවන ලද ජංගම දුරකථනයි.

 

අදාල සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු සහ එසේ සොරකම් කරන ලද ජංගම දුරකථන 16 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කර සිටියා.

 

ලෝක ප්‍රසිද්ධ එක්තරා කුරියර් සමාගමක් හරහා මෙරට පුද්ගලයකුට එවන ජංගම දුරකථනයක් කටුනායක ගුවන් තොටුපළට ලැබීමෙන් පසු අතුරුදහන් වීම පිළිබඳව ගුවන්තොටුපල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි මෙම පරීක්ෂණ සිදු කර තිබුනේ.

 

කෙසේ නමුත් එහිදී හෙළි වී තිබුණේ මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය තුළ ඒ ආකාරයෙන් ලැබුණු ඡංගම දුරකථන 19 ක් අදාළ සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවයි.

 

එසේ සොරකම් කරන ලද ජංගම දුරකථන 19 අතුරින් 16 ක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබුණා.

 

මේ සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබුණේ අදාළ කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් තිදෙනෙකු සහ එම කුරියර් සේවාවේ භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකුයි.

 

මේ වන විට ඔවුන් පොලිස් අත්අඩංගුවේ පසු වන අතර ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් විසින් මෙසේ සොරාගන්නා ලද දුරකථන මිනුවන්ගොඩ, දිවුලපිටිය, මහනුවර යන ප්‍රදේශ වල දුරකතන අලෙවි කරන ස්ථාන වලට විකුණා ඇති බව ද අනාවරණය වී තිබුණා.

 

අදාල පුද්ගලයන් විසින් සොරාගන්නා ලද දුරකථන වල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බවයි හෙළිවී තිබෙන්නේ.

 

මේ සම්බන්ධව පැමිණිලි වෙතොත් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ 071 4024042 යන දුරකථන අංකයට තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

views

1271 Views

Comments

arrow-up