එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
29

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියන 1.3 යි

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහදපුර මහත්මිය පැවසුවාය.

 

 

වෙරළ පිරිසිදු කිරීමට අදාල ගෙවීම් කටයුතු පියවීම සදහා එම මුදලින් රුපියල් 903,857,293 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවද ඇය පැවසුවාය.

 

 

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව ද ළහදපුර මහත්මිය පැවසුවාය.

views

255 Views

Comments

arrow-up