“ගෝඨායට එන්න පරිසරය හදන්න” - බැසිල් ජනපතිට ලියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂිතව යළි මෙරටට ඒමට වාතාවරණයක් සකසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
රටේ පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහාය ලබාදෙන බව ද බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ නියෝජිතයන් පිරිසක් සමඟ 18 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකදී කියා ඇත.
දැනට තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන. ශමල් සෙනෙවිරත්න යන අයද පොදුජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්‍ෂ හා සංජීව එදිරිමාන්න එක්ව සිටියහ.
223 Views
Comments