සී.ඩී.එම්. යන්ත්‍රයේ සිරවූ එක්ලක්ෂහැට පන්දහසක මුදල හිමිකරුටම ලබාදුන් මිනිස්කම

නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් සී.ඩී.එම්. යන්ත්‍රයේ සිරවී තිබියදී හමුවූ රුපියල් එක්ලක්ෂහැට පන්දහසක මුදලක් එහි හිමිකරු වන යක්කලමුල්ල උඩුමලගල පදිංචි එච්.එල්.ආර්.කේ. ප්‍රියදර්ශන මහතාට ලබාදීමට ගිංතොට මහ විද්‍යාලයේ සේවය කරන එම්.එස්. දහානයක මහතා විසින් කටයුතු කරනු ලැබිණි.
මෙම මුදල ලබාදීම යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ මහතා ඉදිරියේදී යක්කලමුල්ල පොලිස් ස්ථානයේදී සිදුවිය.
ප්‍රියදර්ශන මහතා විසින් මෙම මුදල යක්කලමුල්ල නගරයේ පිහිටි සී.ඩී.එම්. යන්ත්‍රයේ තැන්පත් කොට තිබේ.
එහෙත් එම මුදල නිසි පරිදි යන්ත්‍රයේ තැන්පත්වී නොමැති අතර ඊට ටික වෙලාවකට පසු එම්.එම්. දහනායක මහතා විසින් තම පුතු සමග මෙකී සී.ඩී.එම්. යන්ත්‍රය වෙත මුදලක් තැන්පත් කිරීම සඳහා පැමිණ ඇත.
මුදල් තැන්පත් කිරීමට යෑමේදී යන්ත්‍රයේ හිරවී ඇති මුදල් ඉවත්කර ගන්නා ලෙස පණිවුඩයක් ලැබී ඇත.
ඉන්පසු දහනායක මහතා විසින් එම මුදල ඉවත්කරගෙන තමන් රැගෙන ආ මුදල යන්ත්‍රයේ තැන්පත් කොට පසුව ඔහු අදාළ රාජ්‍ය බැංකුව හා යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කොට මෙම මුදල් එහි හිමිකරු වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.
275 Views
Comments