රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට - ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි, පොහොට්ටුවට හතරයි

ආණ්ඩුකාරවරුන් මාරු කිරීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ආණ්ඩුකාරවරු පස් දෙනෙකු පත් කිරීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර යන පළාත් සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති අතර සෙසු පලාත් සඳහා දැනට සිටින ආණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් පුද්ගලයින් පත් කිරීමට නියමිතය.
මීට අමතරව රජයේ ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල වැඩි ප‍්‍රමාණයක දැනට සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයන් ඉවත්කර ඒ වෙනුවට නව පත් කිරීම් සිදු කිරීමටද රජය තීරණය කර තිබේ.
298 Views
Comments