“අම්මා සෙල්ලම් බඩු අරන් ඉක්මනට එනකම් චූටි අම්මා එක්ක ඉන්නම්, තාත්තව ගෙදර එවන්න එපා” - පියා විසින් ගෙලට පිහියක් තබා වීඩියෝ කෙරූ සිඟිති දරුවාගේ සංවේදී කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

“අම්මා සෙල්ලම් බඩු අරන් ඉක්මනට එනකම් චූටි අම්මා එක්ක ඉන්නම්, තාත්තව ගෙදර එවන්න එපා” - පියා විසින් ගෙලට පිහියක් තබා වීඩියෝ කෙරූ සිඟිති දරුවාගේ සංවේදී කතාව

“අම්මා සෙල්ලම් බඩු අරන් ඉක්මනට එනකම් චූටි අම්මා එක්ක ඉන්නම්, තාත්තව ගෙදර එවන්න එපා” - පියා විසින් ගෙලට පිහියක් තබා වීඩියෝ කෙරූ සිඟිති දරුවාගේ සංවේදී කතාව

විදෙස් ගත බිරිඳ ගෙන්වාගැනීමට පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ නිපදවූ දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය කටයුතු කර ඇත.

 

කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයේ දෙදරු පියෙකු එලෙසින් පෙරේදා(13) අත්අඩංගුවට ගෙන ඇති අතර විදෙස් ගතව මාස 30ක් වූ සිය බිරිඳ ගෙන්වා ගැනීම අරමුණු කරගෙන සිය පුතුගේ ගෙලට තියුණු පිහියක් තබා තදකරමින් දරුවාගේ ජීවිතට අනතුරේ හෙලමින් වීඩියෝ නිෂ්පාදන කොට සිය බිරිඳටත් බිරිඳ මාර්ගයෙන් විදෙස් රැකියා ඒජනිසියටත් සැකකරු විසින් වටස්ඇප් ඔස්සේ යොමු කොට තිබිණ.

 

කෙලෙස හෝ අදාළ විදෙස් රැකියා සමාගම මාර්ගයෙන් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ මහතාගේ අවධානයට අදාළ වීඩියෝව ලබාදීමෙන් පසු දරුවා සිටින දැඩි අවදානම් තත්වය පිළිබඳව සලකා වහාම ක්‍රියාත්මක කර පොලිස් උපායක් මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.

 

එහිදී තර්ජනාත්මක වීඩියෝ පටය නිපදවීමට භාවිතා කර තිබූ පිහියද පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් සොයාගෙන තිබිණ.

 

උසස් පොලිස් නිලධාරීන් ඇතුලු‍ ළමා කාන්තා කාර්යංශ නිලධාරීන් අදාළ සංවේගජනක වීඩියෝව කිහිපවරක් හැඬූ කඳුලින් යුක්තව නරඹූ අතර එහිදී දරුවා තමන්ගේ ගෙල රිදෙන බව පවසමින් හඬා වැලපුනත් සැකකරු දිගින් දිගට දරුවාගේ ගෙලට පිහිය තබා තදකරගෙන දරුවාගේ ගෙල කපා තමන්ද ගෙල කපාගන්නා බව පවසමින් තර්ජනාත්මකව අදාළ වීඩියෝව නිපදවා තිබිණි.

 

දරුවා පොලිස් ආදරය මැද සිදුවීම් පෙළින් පෙල විස්තර කළ අතර එහිදී පියාගේ එවන් ස්වරූප පිළිබඳවද පෙර හැසිරීම් පිළිබඳවද පොලිසියට පැවසීය. 


එමෙන්ම තමන් චූටි අම්මා නමින් හඳුන්වන මිත්තනිය සමග නිවසේ සිටීමට කැමැත්ති බව පවසමින් පොලිසියෙන් ඉල්ලා සිටියේ පියා නිවසට නොඑවා පොලිසියේම තබා ගන්නා ලෙසයි. 


තම මව තමාට සෙල්ලම්බඩු රැගෙන ඒමට පිට රට ගොස් විගසින් පැමිණෙන නිසා තමන් එතෙක් මිත්තනිය සමගින් රැඳීමට කැමති බවත් දරුවා පොලිසියට පැවසීය.

 

පසු නිරීක්‍ෂණයේදී දරුවාගේ ගෙල ප්‍රදේශයේ කැපුම් කැලැල් වැනි සලකුණු දැකීම හේතුවෙන් දරුවා වහාම කුලියාපිටිය ශික්‍ෂණ රෝහල්ගත කිරීමට ළමා කාන්තා කාර්යංශ නිලධාරීන් පියවරගෙන තිබිණ.

 

කෙසේ වෙතත් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

views

542 Views

Comments

arrow-up