හරක් මස් බෙදාගන්න බැරිව මිනී මරාගෙන - විශ්‍රාමික සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

හරක් මස් බෙදාගන්න බැරිව මිනී මරාගෙන - විශ්‍රාමික සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මරුට

හරක් මස් බෙදාගන්න බැරිව මිනී මරාගෙන - විශ්‍රාමික සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මරුට

හජ්ජි උත්සවයට සමගාමීව පල්ලියෙන් ලබාදෙන ගව මස් පවුල් සඳහා බෙදා දෙන අවස්ථාවේදී ඇතිවූ ආරවුලකදී පහර කෑමට ලක්වූ විශ්‍රාමික සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ අසිරික්ගම, ගම්මිරිගස්වැව ප්‍රදේශයේ පදිංචි කේ. තරිබ්දීන් නැමැති අයෙකි.

 

මරණකරු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ගමේ පල්ලියේ සාමාජිකත්වය ලබා ගෙන ගමේ පොදු කටයුතු වලට සහභාගි වෙමින් සිට ඇති අතර පල්ලියට ලැබුණු ගව මස් තොගයක් පවුල් අතර බෙදාදීම සඳහා සම්බන්ධ වී සිටි අයෙකු බව පොලිසිය පැවසීය.

 

පසුගිය 12දා පල්ලියට නව සාමාජිකයන් බඳවා ගැනීමට පැවති රැස්වීමට ගොස් මරණකරු නිවසට පැමිණ සිටි අවස්ථාවේදී පිරිමින් සහ කාන්තාවන් පිරිසක් කඩු, පොලු‍ සහ ගල් මුගුරු රැගෙන පැමිණ සිහිසුන් වන තුරු පහරදුන් බව මරණකරුගේ බිරිඳ සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. 

 

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව බට්ටා වර්ගයේ ලොරි රථයකින් සැමියා රෝහල්ගත කළ බවත් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

 

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

271 Views

Comments

arrow-up