මැයි 09 බේරේ වැවට පිරිස් තල්ලු‍ කල අයෙක් අත්අඩංගුවට - තවත් වැලක්ම මග
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
22

මැයි 09 බේරේ වැවට පිරිස් තල්ලු‍ කල අයෙක් අත්අඩංගුවට - තවත් වැලක්ම මග

මැයි 09 බේරේ වැවට පිරිස් තල්ලු‍ කල අයෙක් අත්අඩංගුවට - තවත් වැලක්ම මග

පසුගිය මැයි 09 ඇතිවූ කලහාකාරී සිද්ධින් අතර බේරේ වැවට පුද්ගලයින් තල්ලු‍ කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අම්බලන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු‍ කළ බව කියන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑකන්ද ප්‍රදේශයේදීය.

 

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් පුද්ගලයෙකි.

 

එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ල කා පසුව බේරේ වැවට තල්ලු‍ කර දමා තිබූ බව පොලිසිය පවසයි.

 

සෙසු පිරිස සොයා ගැනීමට මෙම පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

views

243 Views

Comments

arrow-up