අන්නාසි කිලෝව 700ට නගී

රසායනික පොහොර හා තෙල් වර්ග නොමැති වීම මත අන්නාසි වගාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අන්නාසි වගාකාරවැන් කියති.
ඒ හේතුවෙන් අන්නාසි වගා කිරීම, වෙළඳාම සහ අපනයනයෙන් ඉවත් වීමට සිදුව ඇතැයි වගාකරුවෝ සහ වෙලෙදුන් පවසති.
මේ හේතුවෙන් දහස් ගණනකට ජීවනෝපාය අහිමි වෙමින් ඇති බවද ඔවුන් කියා සිටිති.
කොළඹ නුවර පාරේ ගම්පහ ප‍්‍රදේශයේ පැවැති අන්නාසි වෙළඳසැල් හැත්තෑක් පමණ ප්‍රමාණය අතරින් අද වන විට ඉතිරිවී ඇත්තේ දහයක් පමණ ප්‍රමාණයක් ඇයිද වෙළඳුන් පවසති.
අන්නාසි වගාවට යොදන පොහොර වර්ග සහ තෙල් වර්ග නොමැතිවීම හේතුවෙන් අස්වනු පහළ වැටී මිල ඉහල ගොස් ඇතැයිද ඔහුන් පෙව්නා දෙති.
අන්නාසි මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඉහළයාමත් අලෙවියක් නොමැති තත්ත්වයට පත්ව තිබේ.
කිලෝවක් රුපියල් 250 ත් 300 ත් අතර පැවති අන්නාසි මිල ගණන් මේ වනවිට අලෙවි වන්නේ කිලෝවක් රුපියල් 700 ඉක්මවූ මිලකටයි.
299 Views
Comments