මෝල් හිමියෝ හාල් මිල නැවතත් රු.30කින් වැඩි කරයි - ඇමතිගේ මිල පාලනය අතුරුදහන්

මෙරට මහා පරිමාණ මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝවක මිල රු.30කින්ද නාඩු සහල් කිලෝවක මිල රු.15කින්ද ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව නව කීරි සම්බා කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 195 ක් ලෙසයි.
සම්බා සහල් කිලෝවක මිල රු.155ක් වන අතර නාඩු සහල් කිලෝවක මිල දැක්වෙන්නේ රු.130ක් ලෙසයි.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් පසුගිය 27 වැනිදා සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරුණු අතර ඉන්පසුව මෝල් හිමියන් විසින් සහල් මිල ඉහළ දමනු ලැබුවා.
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා රජය සහල් ආනයනයටද පියවරගත් නමුත් තවමත් සහල් මෝල් හිමියන් හිතුමනාපෙට සහල් මිල වැඩි කරමින් පවතිනවා.
පාලන මිල ඉවත් කළ ද සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට ඉඩ ලබා නොදෙන බවට රජයේ මැති ඇමැතිවරුන් කෙතරම් පාරම් බෑවද තවමත් රජයට සහල් මිල පාලනය කිරීමට හැකියාව ලැබී නොමැත.
1551 Views
Comments