කැරලි මර්දන ඒකකයට හෙල්මට් අනිවාර්යය කරයි - කළු හෙල්මට් නැති නම් සුදු ඒවා හරි දාන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

කැරලි මර්දන ඒකකයට හෙල්මට් අනිවාර්යය කරයි - කළු හෙල්මට් නැති නම් සුදු ඒවා හරි දාන්න

කැරලි මර්දන ඒකකයට හෙල්මට් අනිවාර්යය කරයි - කළු හෙල්මට් නැති නම් සුදු ඒවා හරි දාන්න

මහජන විරෝධතා උද්ඝෝෂණ සහ නීති විරෝධී රැස්වීම මැඩපැවැත්වීම සඳහා යොදවන කැරලි මර්දන කණ්ඩායම් වල සියලු නිලධාරීන් අනිවාර්යයෙන්ම කැරලි මර්දන ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට හා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

 

එමෙන්ම ඇතැම් පොලිස් ස්ථාන වල ප්‍රමාණවත් තරුණ කැරැලි මර්දන හිස්වැසුම් නොමැති බවත් එම අවස්ථාවලදී නිලධාරීන් වෙත නිකුත් කර ඇති සුදු පැහැති රථවාහන ආරක්ෂක හිස්වැසුම් හෝ භාවිතයට ගන්නා ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

 

කැරලි මර්ධන කටයුතුවලට යෙදීමේදී පමණක් ප්‍රමාණවත් පරිදි කැරලි මර්දන හිස්වැසුම් හෝ සුදු පැහැති රථවාහන ආරක්ෂක හිස්වැසුම් හෝ නොමැති අවස්ථාවලදී පොලිස් නිලධාරීන්හට සුදු පැහැති හෝ කළු පැහැති ආරක්ෂක හිස්වැසුමක් ඔවුන්ගේ නිල ඇඳුම සමගින් පැළඳීමට පොලිස්පතිවරයා අවසර දී ඇත.

 

පොලිස් නිලධාරීන් කැරලි මර්ධන කටයුතුවලට හා නීති විරෝධී රැස්වීම විසුරුවා හැරීම සඳහා හෝ රාජකාරියේ යෙදවීමේදී පමණක් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාම මෙම පියවර ගනු ලබන බැවින් අනෙකුත් රාජකාරි කටයුතු සඳහා නිලධාරීන් යෙදවීමේදී මෙම  තම නිල හිස්වැසුම් භාවිතා කිරීම වෙනුවට මෙම ප්‍රතිපාදනය ප්‍රකාරව කටයුතු නොකළ යුතු බවටද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

 

උද්ගතවී ඇති වර්තමාන තත්වය හමුවේ දිවයින තුල පවතින මහජන විරෝධතා ව්‍යාපාර ඇතැම් අවස්ථා වලදී නීති විරෝධී රැස්වීම් බවට පත්වන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවත් එවන් අවස්ථාවලදී සාමකාමී උද්ඝෝෂණ වලට මුවා වී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙන බවට වාර්තා වී ඇති බැවින් පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

views

1386 Views

Comments

arrow-up