ගුවන් යානයේදී හිතවත් වූ කත කුඩා දරුවෙක් තෑගි කර පළා ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ගුවන් යානයේදී හිතවත් වූ කත කුඩා දරුවෙක් තෑගි කර පළා ගිහින්

ගුවන් යානයේදී හිතවත් වූ කත කුඩා දරුවෙක් තෑගි කර පළා ගිහින්

සෞදි අරාබියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නටදී පලාගිය ප්‍රවෘත්තියක් කළුතරින් වාර්තා වෙයි. 

 

කළුතර දකුණ, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. ශාන්ත අප්පුහාමි යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ අරභා කර ඇත.

 

අවුරුදු 11ක් පමණ සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 02ක පිරිමි දරුවෙකු සමග පැමිණි කතක් ගුවන් යානයේදී හඳුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බවට පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය පැවසීය.

 

එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතටදී වාහනයෙන් බැසගිය බවත් නැවත නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය පැවසීය.

 

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි කලු‍තර දකුණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පරීක්ෂක නුවන්ති ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.

views

368 Views

Comments

arrow-up