නෞකා වලින් පැමිණෙන සංචාරකයින්ට විශේෂ පහසුකම්

නෞකාවලින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා නවීන පහසුකම් සහිතව කොළඹ වරායේ මගී පර්යන්තය වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටිනවා.
ඊයේ(18) කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා එක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
මේ යටතේ ආකර්ෂණීය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්, නවීන පහසුකම් සහිත වායුසමනය කරන ලද නැවතීම ශාලාවක්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම්ද ලබාදීමට ද කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.
187 Views
Comments