බෝ නොවන රෝග වලින් අසාධ්‍යව රෝහල් ගතවන පිරිස් ඉහලට

බදුල්ල ඌව පළාත් මහ රෝහලේ සායන වලට පැමිණෙන රෝගීන්ගෙන් දියවැඩියාව, ශ්වසන රෝග, අධි රුධිර පීඩනය, හදවත් රෝග ඇති බොහොමයක් දෙනා අසාධ්‍යව මේ දිනවල රෝහල් ගතවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
තමන් මෙම රෝහලේ සේවය කළ 20වසරක දීර්ඝ කාලය තුළ මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබනු නුදුටු බවද හෙතෙම තවදුරටත් පැවැසීය.
“රෝහලේ මෙඩිකල් වෝඩ් එක සම්පුර්ණයෙන්ම පිරිලා. ඩෙංගු වැඩි වුණොත් පවතින මෙම අසීරු තත්ත්වය වැඩිවෙනවා. රෝගීන් වැඩි වුණත් රෝහල තුළ සීමිත ඉඩක් පවතින්නේ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය. කෝවිඩ් රෝගය තිබූ කාලෙත් පශ්චාත් කොවිඩ් කාලෙත් ඉන්පසු වාහන වලට ඉන්ධන හිඟ වූ කාලෙත් රෝගීන් බොහෝ දෙනා සායන වලට පැමිණියේ නැහැ. ඔවුන්ට මේ නිසා ඖෂධ ගැනීම මග හැරුණා. එමෙන්ම රෝහලේ ඇති ඖෂධ සීමිත නිසා අවශ්‍ය ප්‍රමාණය ලබාදීම නොහැකිවීම නිසා රෝග පාලනය ගිලිහී ගියා.
රෝගීන්ට වියදම් දරා ගැනීම අපහසුකම නිසා රෝහලේ නොමැති ඖෂධ පිටතින් මිලදී ගැනිම හරියාකාරව සිදු වුණේ නැහැ. රටේ ආර්ථිකය කඩා වැටීම රෝගීන්ගේ දිවි පැවැත්මට තදින්ම බලපා තිබෙනවා. ඇත්ත වශයෙන්ම රෝගීන්ගේ ජීවිත අනතුරේ. රෝගීන් පවසන්නේ මුදල් නොමැති නිසා ඖෂධ මිලදී ගැනීමට නොහැකි බවයි. එලෙස පවසන රෝගීන් ගෙන් වැඩි දෙනා දරුවන්ගෙන් යැපෙන අය. එසේ නොමැති නම් විශ්‍රාමිකයෝ. මාසයකට රුපියල් පනස් දහසක් ගන්න කෙනකුට ඖෂධ වෙනුවෙන් රුපියල් තිස් දහසක්, හතළිස් දහසක් වැය කරන්න කොහෙත්ම බැහැ. රෝහල තුළ කළ රසායනාගාර පරීක්ෂණ බොහෝ දුරට සිමා වෙලා. කොලොස්ටරෝල් පරීක්ෂාවක් වත් රෝහල තුළ කරන්න බැරි වාතාවරණයක් තියෙන්නේ. එම පරීක්ෂණයවත් පිටින් කර ගැනීමට රෝගින්ට මුදල් නැහැ. එතැනදීත් රෝග පාලනය ගිලිහෙනවා. එමෙන්ම ස්වසන රෝග වලට ගන්නා ඉන්හේලර්වල උග්‍ර හිගයක් පවතිනවා. අපේ රටේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් මිලියන් තුනක සංඛ්‍යාවක් සිටිනවා.
මේ අර්බුදය නිසා අපේ වයසක පරම්පරාව වැඩි පිරිසක් අපට අහිමි වේවි. ශ්වසන රෝග, අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී බෝනොවන රෝග වලින් සිදුවන මරණ සියයට හැත්තෑපහකට වැඩියි. වැදගත්ම කාරණය රෝහලේ ඇති සම්පත් සීමිත වීම යැයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කරුණු විස්තර කළේය. මෙම තත්ත්වය කෝවිඩ් එන්නත නිසා සිදුවන බවට සමහර අය ලඝු කොට කතා කරනවා. මම එය විශ්වාස කරන්නේ නැහැ. ඖෂධ අඩුවීම වාගේම මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදය නිසා මිනිසුන් ගේ මානසික ආතතිය වැඩිවීමත් රෝග උත්සන්න වීමට හේතු වෙනවා. උදේට කාපු මිනිස්සු දවල්ට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. මේ තත්ත්වයට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසදුම් අවශ්‍යයි. මිනිසුන් යම් ආකාරකට දැනුවත් කිරීම කළ යුතුයි. මානසික සුවය ලබා දීමට ජනමාධ්‍ය සිත් නිවන සෞන්දර්යාත්මක වැඩසටහන් වැඩි වැඩියෙන් ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුයි.
218 Views
Comments