භාණ්ඩ මිල පාලනයට ක්ෂණික තීරණ ගන්නවා - ඇමති නලින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

භාණ්ඩ මිල පාලනයට ක්ෂණික තීරණ ගන්නවා - ඇමති නලින්

භාණ්ඩ මිල පාලනයට ක්ෂණික තීරණ ගන්නවා - ඇමති නලින්

මේ දිනවල බොහොමයක් භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුවන බැවින් ඒවායේ මිල පාලනයට ක්ෂණික තීරණ ගන්නා බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා.

 

අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

 

භාණ්ඩවල මිල ගණන් සාධාරණ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා එම භාණ්ඩ වල මිල සූත්‍රයන්ට අදාළව පාරිභෝගික අධිකාරියට පැමිණ වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියා.

views

185 Views

Comments

arrow-up