සුද්දන්ට වෙඩින් ගන්න සිංහරාජය වෙන් කරයි

සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට අවස්ථාව සලසාදීම මගින් විදේශිකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
මෙරට ආරක්ෂිත මංගල ගමනාන්තයක් බවට විදේශිකයන් තුළ විශ්වාසය තහවුරු වීමත් සමඟ විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය වඩාත් වැඩිපුර මෙරටට ලබාගත හැකි වෙතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.
එමගින් මංගල උත්සවයේදී වෙනස් අත්දැකීමක් අපේක්ෂා කරන විදේශිකයන්ට මෙරටට පැමිණ සිය විවාහ උත්සව පැවැත්වීමේ අවස්ථාව උදාකර ගැනීමට අවකාශ සැලසේ.
710 Views
Comments