මිය ගිය යාචකයෙකුගේ කලිසම් සාක්කුවල රුපියල් ලක්ෂ ගණනක් මුදල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

මිය ගිය යාචකයෙකුගේ කලිසම් සාක්කුවල රුපියල් ලක්ෂ ගණනක් මුදල්

මිය ගිය යාචකයෙකුගේ කලිසම් සාක්කුවල රුපියල් ලක්ෂ ගණනක් මුදල්

හක්මන නගරයේ සිඟමන් යදිමින් සිට මිය ගිය යාචකයෙකුගේ කලිසම් සාක්කුවල තිබී රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් සොයාගෙන තිබේ.

 

පොලිසිය පැවසූ ආකාරයට හක්මන, එලෙස මිය ගොස් ඇත්තේ, කෝංගල නැගෙනහිර ප‍්‍රදේශයේ පදිංවිව සිට ඇති 69 හැවිරිදි ඊ. එස්. විමලදාස නම් යාචකයෙකි.

 

ඔහු හුදෙකලාව ජීවත්ව සිට ඇතැයි පොලිසිය පවසයි.

 

පොලීසිය සඳහන් කළේ, ඔහුට කිසිදු ඥාතියෙකු සිටින බවට ද තොරතුරු ලැබී නොමැති බවය.

 

පසුව පොලීසිය ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කර ඇති අතර අදාළ මුදල් හමුවී ඇත්තේ, එම කාමරයේ තිබූ කලිසම් සාක්කුවකිනි.

 

එහි තිබූ රහස් සාක්කු කිහිපයක් තුළ මෙම මුදල් තිබූ බව පොලීසිය පැවසීය.

views

1111 Views

Comments

arrow-up