කේතුමතියේ වෙඩික්කරුයි රියැදුරුයි එකම සිරමැදිරියට දාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

කේතුමතියේ වෙඩික්කරුයි රියැදුරුයි එකම සිරමැදිරියට දාලා

කේතුමතියේ වෙඩික්කරුයි රියැදුරුයි එකම සිරමැදිරියට දාලා

පානදුර දී වෙඩි තැබීමේ සිද්ධියට මුල්වී ඇති කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියැදුරු සුදුසු වෙනත් ආරක්ෂිත බන්ධනාගාරයකට යොමු කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පෙරේදා (09) පස්වරුවේ නියෝග කළේ ය.

 

සිද්ධියට අදාළ නඩුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් ජයරත්න මහතා කළ ඉල්ලීමෙන් පසු මහෙස්ත්‍රාත් එසේ නියෝග කළේ ය.

 

නීතිඥ කසුන් ජයරත්න අධිකරණයෙන් මෙසේ ඉල්ලී ය.

 

"වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ මාගේ සේවාදායකයා වන ගිලන්රථ රියැදුරු මේ මොහොතේ රැඳී සිටින්නේත් එක ම සිරමැදිරියක. ඔවුන්ට අද දින රැඳී සිටීමට සිදුවන්නේ එක ම බන්ධනාගාරයකයි. එබැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

 

සැකකරු ආරක්ෂාව සහිත වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙසත්, අධිකරණයේ අවසරයකින් තොරව ඔහු නැවත ඉදිරිපත් නොකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය

views

1072 Views

Comments

arrow-up