බඩල්ගම දරුවා මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මව රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

බඩල්ගම දරුවා මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මව රිමාන්ඩ්

බඩල්ගම දරුවා මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මව රිමාන්ඩ්

බඩල්ගම, ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ මව, පියා සහ මිත්තණිය අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

අධිකරණය මගින් දරුවාගේ මව එළඹෙන 18 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර දරුවාගේ පියා සහ මිත්තණිය ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

 

පොලිස් මාධය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, දරුවාගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට (12) දින සිදු කරනු ඇති බවය.

 

සැකසහිත ලෙස පැමිණි දුර්ගන්ධයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දීමෙන් පසු සිදු කළ විමර්ශනවලදී එම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී වයස අවුරුදු 10ක දරුවෙකුගේ මළ සිරුරක් ඊයේ (10) දින සොයා ගෙන තිබිණි.

 

එම දරුවා පසුගිය 07 වන දා උදෑසන සෙම හිරවීමක් හේතුවෙන් අසනීප වී ඇති අතර එම අසනීපය සුව කර ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් අදහන ආගමට අනුව යාච්ඤා කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.

 

පොලිසිය ප්‍රකාශ කළේ, දෙමාපියන් මෙලෙස යාච්ඤා කරමින් සිටින අතරතුර දරුවා මියගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර දරුවාගේ ප්‍රාණය නැවත ලබා ගැනීම සඳහා ද දෙමාපියන් නොකඩවා යාච්ඤා කර ඇති බවය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තණිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

views

809 Views

Comments

arrow-up