මොරටු STF - පාතාල යුද්දේ අලුත්ම කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

මොරටු STF - පාතාල යුද්දේ අලුත්ම කතාව

මොරටු STF - පාතාල යුද්දේ අලුත්ම කතාව

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ සිදු වූ වැටලීමක් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය හා ඇති කර ගත් වෙඩි ප්‍රහාරයකින් පසුව ජීවිතක්ෂයට පත්වූයේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ ගෝලයකු බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

 

මොරටුව,මෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අබ්බා නැමැති අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති බවයි එම බලකාය සඳහන් කරන්නේ.

 

ඔහු එල්ල කරන ලද වෙඩි උණ්ඩ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ වෙඩි නොවදින ආරක්ෂක ඇඳුමෙහි වැදී ඇති බවත් සඳහන් වෙනවා.

 

පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් සිදුව ඇත්තේ.

 

මොහුගේ මෘත ශරීරය මේ වන විට පානදුර මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තබා තිබෙනවා.

 

ඔහුට මිනී මැරුම් චෝදනා මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු චෝදනා කිහිපයක් ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.

views

899 Views

Comments

arrow-up