දුම් පානය කරන අයෙකුට කොවිඩ් වැළඳීමේ සම්භාවිතාව 1300% කින් වැඩි බව හෙළි වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

දුම් පානය කරන අයෙකුට කොවිඩ් වැළඳීමේ සම්භාවිතාව 1300% කින් වැඩි බව හෙළි වේ

දුම් පානය කරන අයෙකුට කොවිඩ් වැළඳීමේ සම්භාවිතාව 1300% කින් වැඩි බව හෙළි වේ

සාමාන්‍ය පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමට ඇති සම්භාවිතාවය මෙන් 14 ගුණයක සම්භාවිතාවක් දුම්පානය කරන පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සඳහා ඇති බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්‍යය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

 

එමෙන්ම දුම් පානය කරන පුද්ගලයෙකු  අසල සිටින පුද්ගලයකුට වුවද අක්‍රිය දුම්පානය හේතුවෙන් මෙම වෛරසය ආසාදනය විය හැකි බව අනාවරණය වී තිබෙනවා.

 

එලෙස ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානම ද වැඩි වේ.

 

මීට අමතරව දුම්වැටි සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් එන්නත ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය පවා අඩපණ වන බවට අනාවරණය වී ඇති බව ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

1203 Views

Comments

arrow-up