එළඹෙන සිංහල අවුරුද්දේ රෙදිපිළි කර්මාන්තය බරපතල අවුලක
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

එළඹෙන සිංහල අවුරුද්දේ රෙදිපිළි කර්මාන්තය බරපතල අවුලක

එළඹෙන සිංහල අවුරුද්දේ රෙදිපිළි කර්මාන්තය බරපතල අවුලක

එළඹෙන උත්සව සමය වෙනුවෙන් තමන් විසින් සැලසුම් කල නිමි ඇඳුම් නිෂ්පාදන ක්‍රියාවලිය මුලුමනින්ම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව පමුණුව අළුයම රෙදිපිළි නිමි ඇඳුම් වෙළෙඳ සංගමය සඳහන් කරයි.

 

ඒ පසුගිය දා සිට විදුලි බිල ඉහළ නැංවීම හේතුවෙනි.

 

එම සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා පැවසුවේ,

 

"අපි අප්‍රේල් මාසේ නිෂ්පාදනය ලබාදීම සඳහා ඇනවුම් ලබා ගන්නේ දෙසැම්බර් වගේ. දැන් අඩුම ගානේ 20%ක් වත් මිල වැඩි කරන්න වෙනවා මේ තත්ත්වය හේතුවෙන්. අපේ මේ වැඩ කරන අය හුඟක්ම ඉන්නේ ස්වයං රැකියා හැටියට කරන අය. දරුවන් ඇකයේ තියාගෙන වැඩ කරන අය. මේ තත්ත්වය මත අපේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා. 


පමුණුව අළුයම වෙළෙඳපොල කියන්නේ ලංකාවේ මිල අඩුම  වෙළෙඳපොල. තැරැව්කරුවන්ගෙන් තොර  වෙළෙඳපොලක් පමුණුවේ තියෙන්නේ. සිංහල අවුරුද්දට තෑගි දෙන්න ඇඳුම් නැතිවෙයිද දන්නේ නෑ විශාල පිරිසක් විදේශ ගත වෙනවා." ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

views

217 Views

Comments

arrow-up