කාන්තා ව්‍යවසායකයන් 14,000ක් - ඇමති බන්දුලගේ යෝජනාව

කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමට සෑම ග්‍රාම සේවා වසමකටම ගෘහ සුපිරි වෙළෙඳසැල් ජාලයක් (Home Shop) ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වැඩසටහන පැහැදිලි කළේය.
දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධන බලකාය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එක්ව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය ඇතිව සෑම ගමකින්ම කාන්තාවක් තෝරාගනී. තෝරාගත් කාන්තාවගේ නිවසේම වර්ග අඩි 200-400 ක කොටසක් අලුත් වැඩියා කිරීම, තනා තිබෙන ගොඩනැගිල්ලක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් අලුත් වැඩියා කිරීම හෝ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යටිතල පහසුකම් සම්පාදනයෙන් අවශ්‍ය ඉඩකඩ සපයා ගැනේ.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගන්වමින් කාන්තා ව්‍යවසායකයන් 14,000ක් බිහි කිරීම සඳහා පාරිභෝගික කටයුතු හා සමුපකාර අමාත්‍යාංශය මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල තීරණ වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.
703 Views
Comments