20 වැනි සංශෝධනය ගැන ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
උන්වහන්සේ එම ලිපිය මගින් අවධාරණය කරන්නේ, 20 වැනි සංශෝධනය මගින් අත්තනෝමතික ලෙස විධායකය මෙහෙය විය හැකි වූත් , ව්‍යවස්ථා දායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් වූ බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බිහිකරන බවයි.
එමගින් අග්‍රාමාත්‍යවරයාගේ බලය හා ස්ථාවරත්වය හීන කරවන, අමාත්‍යවරුන් හා අමාත්‍ය බලතල තම අබිමතය අනුව ඕනෑම වේලාවක වෙනස් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන බව ද එහි සඳහන් ය.
තව ද එහි සඳහන් වන්නේ, 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණ එහි තිබිය හැකි බවයි.
ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබෙන බව ජනාධිපතිවරයා වෙත යොමු කළ අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.
එම ලිපිය සම්පුර්ණයෙන් පහතින් දක්වේ
1125 Views
Comments