මීගමුවේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා

මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිවූ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටිනවා.
ඉකුත් 06 වෙනිදා මීගමුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත සඳහන් කළේ මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. මෙම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙළිවී නොමැති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිතුමා සඳහන් කළේ.
මේ අතර මෙම පුද්ගලයා ප්‍රතිකාර ගැනීමට පැමිණි මීගමුවේ පෞද්ගලික රෝහල විෂබීජහරණය කොට පැය 48ක කාලයක් සඳහා වසා දමා ඇති අතර සේවකයින් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කොටතිබෙනවා.
මේ වන විට මිගමුව නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 06 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් සිව්දෙනෙක් මීගමුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයවළුන් වනවා.
සෙසු රෝගීන් දෙදෙනා ගෙන් එක් අයෙක් 72 හැවිරිදි වියේ පසුවන වන අතර අනෙක් අය අද වන විට හඳුනා ගත් 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා වනවා.
මීගමුව නගරයට එදිනෙදා දෛනික කටයුතු සිදුකර ගෙන යාමට එන සියලුම පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී සිටින මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා යම් සැකකටයුතු රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් වේ නම් 031-2224467 අංකය ඔස්සේ සෞඛ්‍ය සේවා කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටිනවා
820 Views
Comments