අරගලභූමියේ තරුණයින්ට යකඩ පොල්ලකින් එලව එලවා පහරදුන් අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

අරගලභූමියේ තරුණයින්ට යකඩ පොල්ලකින් එලව එලවා පහරදුන් අයෙක් අත්අඩංගුවට

අරගලභූමියේ තරුණයින්ට යකඩ පොල්ලකින් එලව එලවා පහරදුන් අයෙක් අත්අඩංගුවට

ගාලු‍මෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පොදුජන ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවෙකු වන ”‍සතා නාලක”‍ නැමැත්තා හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු හොකන්දර නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු හිටපු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත

.

පසුගිය 09 වන දින සැකකරු පොදුජන එක්සත් පෙරමුණ පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයට පැමිණ ඇති බවත් පසුව “ගෝඨා ගෝ ගම”ට ගොස් එහි සිටි තරුණයකුගේ හිසට පොල්ලකින් පහර දෙන අයුරු සී සී ටී වී කැමරා වලද සඳහන් වී ඇති බවත් පොලිසිය පවසයි.

 

පසුගියදා මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය අතරතුර නවතා තිබු හමුදා  බස්රථයක් පන ගන්වාගෙන එයටගිනි තැබීම සඳහා අරගලකරුවන් ඉදිරියේ නවත්වා ඇත්තේ මෙම සැකකරු බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

views

616 Views

Comments

arrow-up