ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙසට දැනුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම දැඩි උණුසුම් ස්වරුපයක් ගනු ලැබුවා.
ඊයේ පැවති එම රැස්වීමට පොලිස්පතිවරයාද ජන්ධිපතිගේ ආරාධනයෙන් පැමිණ සිටියා.
එහිදී පොලිස්පතිවරයා පවසා සිටියේ මැයි 9 වනදා සිදුවීමට අදාළ සැකකරුවන් දින 14ක් තුළ අත්අඩංගුවට ගන්නා බවයි.
ඉන් පසුව මෙම රැස්වීමේදී හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පොලිස්පතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඇතිවූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන වගඋත්තරකරු පොලිස්පතිවරයා බවයි.
ඒ විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයට ඇතුලුවීම වලක්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරීන් විසින් මෙරට ආරක්ෂාව භාර ජේෂ්ඨ නිලධාරීන්ට අවස්ථා 30 කට වැඩි වාර ගණනකදී දුරකථනයෙන් දැනුම්දී තිබෙන පසුබිමක ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධවයි.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා සදහන් කර සිටියේ මෙවැනි සිදුවීමක් වන බවට තමන් මිට මාස තුනකට පෙර දැනුම් දී ඇති බවයි.
මේ සමගම මෙම රැස්වීමට පැමිණි මන්ත්‍රීවරුන් අත්පොළසන් දෙමින්, බැන වදිමින්, විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් පොලිස්පතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
910 Views
Comments