විභාග කල් දමන්න – නීති සිසුන්

ලංකා නීති විද්‍යාලයේ පරිපාලනය “අත්තනෝමතික” ලෙස එහි විභාග හෙට (09) සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නීතී ශිෂ්‍ය සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ බහුතර ශිෂ්‍ය පිරිසක් විභාග කල්දමන ලෙස ඉල්ලා තිබියදී පරිපාලනය එම තීරණය ගෙන ඇති බවයි.
ලිපියක් නිකුත් ශ්‍රී ලංකා නීතී ශිෂ්‍ය සංගමය සඳහන් කරන්නේ දිවයින පුරා අපේක්ෂකයන් 4,000 ක් පමණ සහභාගිවන මෙම නීති විභාගය කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ස්ථාපිත මධ්‍යස්ථාන 3ක දී පැවැත්වීමට නියමිත බවයි.
රට තුළ මතුවී තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ දිවයින පුරා විසිරී සිටින නීති ශිෂ්‍යයන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී ඇති බවද නීති ශිෂ්‍යයින් පෙන්වා දෙනවා.
එම නිසා නීති සිසුන් පෙන්වා දෙන්නේ විභාග කල්දමන ලෙසයි.
611 Views
Comments