රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා

මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් අප කල විමසීමට පිළිතුරු සපයමිනි.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා.
එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා.
එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා.
හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
724 Views
Comments