සාපෙළ ලබන 23වැනිදා ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

සාපෙළ ලබන 23වැනිදා ඇරඹේ

සාපෙළ ලබන 23වැනිදා ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර ‍සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා කියයි. 


 
ඒ අනූව පාසල් අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුලහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයඳුම් පතෙහි සදහන් කර ඇති ලිපිනයට ද තැපැල් මගින් යොමු කෙරෙනු ඇති.


 
2022 මැයි මස 12 වැනි දිනට පෙර විභාග ‍ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව ඇමතියි යුතුයි.


 
ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි හා නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සං‍ශෝධන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සදහා මැයි මස 14 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අවස්ථාව සළසා තිබේ.

views

585 Views

Comments

arrow-up