ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ 230ක් සැකපිට අත්අඩංගුවට

අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.
මනුෂ්‍ය ඝාතනයන්, පුද්ගලයන්ට පහරදීම්, බරපතල තුවාල සිදුකිරීම්, නිවාස, වාහන, ව්‍යාපාරික ස්ථානවලට පහර දීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.
මෙම පිරිසෙන් 68 දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන බවද හෙතෙම කීය.
මෙම කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 702 ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද හෙතෙම පැවසීය.
623 Views
Comments