අරගල දැන් ප්‍රචණ්ඩවෙලා..ආරක්ෂක අංශවලට තර්ජනය කරනවා – ආරක්‍ෂක අමාත්‍යාංශය

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම අමාත්‍යංශය සදහන් කරන්නේ පැවති සාමකාමී අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් රටෙහි විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් මහජනතාව මහත් දුෂ්කරතාවයකට පත්වී ඇති බවයි.
එහිදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂණකරුවන් විසින් රටෙහි පවත්නා සාමාන්‍ය නීතිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් සිදු නොකොට ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන ආකාරයත් ඔවුන්ට තර්ජනය කිරීම් ආදියත් නිරීක්‍ෂණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.
615 Views
Comments