ලෝකෙම තහනම් කරපු රුසියාවේ තෙල් ලංකාවට - තවත් ඉල්ලන් කෑමක් අත ළඟද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ලෝකෙම තහනම් කරපු රුසියාවේ තෙල් ලංකාවට - තවත් ඉල්ලන් කෑමක් අත ළඟද?

ලෝකෙම තහනම් කරපු රුසියාවේ තෙල් ලංකාවට - තවත් ඉල්ලන් කෑමක් අත ළඟද?

ශ්‍රී ලංකාව තම ආනයන වියදම අඩු මට්ටමක තබා ගැනීමට නව ලංසුවකින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව දැනගන්නට ලැබේ.

 

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යෝජනාවක් මත, භාණ්ඩාගාරය මිලදී ගැනීම සඳහා අමාත්‍යාංශයෙන් උපදෙස් ලබාගෙන ඇති බව පැවසේ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ පුවත්පතකට තහවුරු කර තිබුණේ භාණ්ඩාගාරය මිලදී ගැනීම් ඉදිරියට ගෙන යාමේ හැකියාව සොයා බැලීම සඳහා අමාත්‍යාංශය අමතා ඇති බවයි.

 

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් ඇතැම් රටවලට රුසියාවේ අපනයනය අඩු වී ඇති බැවින් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සැලකිල්ලට ගෙන ඇත.

 

භාණ්ඩාගාර නිලධාරියෙකු සඳහන් කළේ විදේශ අමාත්‍යාංශයේ නිෂ්කාශන ලැබුණු පසුව පමණක් මෙම යෝජනාව ඉදිරියට ගෙන යන බවයි.

 

ඉන්ධන ආනයන බිල්පත් ගෙවීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණ දීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

views

640 Views

Comments

arrow-up