ආසියාවේ වැඩිම ගෑස් මිල ලංකාවෙන් - රටට එන එක් සිලින්ඩරයකින් 10 දෙනෙකුට කොමිස්

මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී තිබෙන්නේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනෙකුට කොමිස් ලබාදීමට සිදුවීම හේතුවෙන් බව අනාවරණය වී තිබේ.
රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නොමැත.
යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.
ලිටෝ සමාගමේ සේවය කළ දේශපාලන ආධාරකරුවෙකු ගෑස් මිලට ගැනීමේ ගනුදෙනුවෙන් සුපිරි කෝටිපතියෙකු වී ඇතැයි ද ඔහු සතු වත්කම් ස්විස් බැංකුවක ඇති බවටද වාර්තා වේ.
ආසියාවේ අධික මිලකට ගෑස් අලෙවි කරන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය වී ඇත.
-දිවයින-
932 Views
Comments