මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයාගැනේ

මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයාගැනේ

මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර මීට ටික වේලාවකට පෙර සොයා ගෙන තිබෙනවා.

 

යුද හමුදා විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී රෙෆ්ලින් කඹ ආධාරයෙන් අදාලම ප්‍රපාතයෙන් පහළට බැස කරන ලද සෝදිසි කිරීම්වලදී තරුණයාගේ සිරුර සොයා ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

 

ගලක් මත රැඳී තිබිය දී අතුරුදන් වූ 34 හැවිරිදි දිනුර විජේසුන්දර තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා.

 

පසුගිය 6 වැනිදා වෛද්‍යවරුන් 06 දෙනෙකු ඇතුළු දොළොස් දෙනෙකු දිනුර විජේසුන්දර සමග මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරක ගමනට එක්ව තිබුණා.

 

පෙර පුවත

 

බදුල්ල පිටමාරුව මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණයා සොයා කණ්ඩායම් කිහිපයක් තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාවේ සහයද ඇතිව පොලිසිය නිම සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. සංචාරය සඳහා එක්වූ වෛද්‍යවරුන් හය දෙනකු ඇතුළු දොළොස් දෙනෙකු අතුරුදන් වූ දිනුර විජේසුන්දර තරුණයා සමඟ පසුගිය 6 වැනිදා පුංචි ලෝකාන්තය නරඹා එහි කඳවුරු බැඳ රාත්‍රිය ගතකර තිබෙනවා.

 

අලුයම 3ට පමණ එම ස්ථානයේ අධික වර්ෂාව මීදුම සහ සුළං තත්ත්වය හේතුවෙන් යළිත් ඔවුන් යළි පැමිණි වාහනය වෙත පැමිණ ඇති අතර දිනුර විජේසුන්දර නම් තරුණයා එම පිරිස සමඟ නොසිටි බවයි සංචාරය සඳහා එක් වූ අනිකුත් අය පොලිසියට පවසා තිබෙන්නේ. තරුණයාගේ පය ලිස්සා පහළට වැටුණු බව අනුමාන කරමින් පොලිසිය සහ හමුදාව ඊයේ සිට තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කළා.

 

පවතින දැඩි මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ම ස්ථානයේ අඩි 75 ක පමණ ප්‍රපාතයට වන්නට මෙහෙයුම් දියත් කෙරුණද කිසිදු හෝඩුවාවක් තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙලෙස අතුරුදන්වී ඇති තිස් පස් හැවිරිදි දිනුර විජේසුන්දර තරුණයා කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිරස රූපවාහිනියේ ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරනවා. කිසිදු උපද්‍රවයක් නොවී දිනුර විජේසුන්දර යළි සොයා ගැනීමට හැකිවේවායි ආයුබෝ අපි ද ප්‍රර්ථනා කර සිටිමු.

 

 

 

 

 

views

1783 Views

Comments

arrow-up