968 කට සුවයි - මෙරට සුවය ලැබූවන් 59,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිත සුවය ලැබූ සංඛ්‍යාව 59,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අද කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 968 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 59,43 දක්වා ඉහළ ගියා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5,617 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 64,983 ක්. දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 60,990 ක් ලෙස වාර්තා වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 323 ක්.
710 Views
Comments