කුණු මාළු දියර පොහොර සඳහා, මාළු මුදා හැරියේ අපේ අවසරයකින් තොරව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

කොළඹ වරායේ ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මසුන් තොගය මුදා හැර ඇත්තේ තම වසරයකින් තොරව බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මීට මාස කිහිපයකට ඉහත දී නරක් වූ මසුන් අඩංගු බහාලුම් 98කට අධික ප්‍රමාණයක් කොළඹ වරායට රැගෙනවිත් තිබුණේ ඒවා ප්‍රවාහනය කළ විදෙස් රටකට අයත් නෞකාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.
එම මත්ස්‍යයන් මිනිස් පරිභෝජනයට සුදුසු බැවින් එම බහාලුම් වරායේ ගබඩා කර තිබුණි.
කෙසේ නමුත් පසුගිය දිනක පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ සැමන් ව්‍යාපාරිකයෙකු අදාල නැව් සමාගමෙන් මෙම මසුන් මිලට ගෙන තිබුණේ දියර පොහොර සෑදීම සඳහා බව පවසමිනි.
මසුන් දියර පොහොර නිෂ්පාදනය සඳහා වුවද මුදාහරින ලබන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසරයක් ලබාගත යුතුයි.
නමුත් මෙම මත්ස්‍ය තොගය මුදා හැරීම සඳහා බලධාරීන් එම අවසරය ලබාගෙන නොමැති බව සෞඛ්‍ය හා ආහාර ආරක්ෂාව භාර වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන ප්‍රකාශ කරයි.
මේ අතර දියර පොහොර සඳහා බව පවසමින් වරායෙන් මුදාහල නරක් වූ මෙම මසුන් තොගය නීති විරෝධී ලෙස වෙළඳපොලට පැමිණ ඇති බවට ද බරපතළ සැකයක් මතුව තිබේ.
233 Views
Comments