කාන්තාවක් ලෙස සැරසී සොරකම් කළේ ඇයි ?

කාන්තාවක් ලෙස වෙස්වලා ගනිමින් නිවෙස්වලට ඇතුළු වී සොරකම් කළ පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා වූ විසින් සොරකම් කළ රයිස්කුකර්, වතුර මෝටර්, පිත්තල භාණ්ඩ, පිඟන් කෝප්ප ඇතුලු උපකරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එසේම වෙස්වලා ගැනීමට යොදාගත් සාරි 07ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙලි වී ඇත්තේ කාන්තාවක් ලෙස සැරසී කිසිවෙකු නොමැති නිවෙස්වලට ඇතුළු වන විට අසල්වාසීන් සැක නොහිතන බවයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
237 Views
Comments