භාෂණයේ නිදහස මට අහිමි වෙලා - රන්ජන් රාමනායක

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් විඳි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතාට ඊයේ (26) කොන්දේසි සහිත ජනාධිපති සමාව ලබා දී තිබුණි.
සිරගෙදරින් නිදහස්ව පැමිණි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ තමාට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත් භාෂණයේ නිදහස් තමන්ට අහිමි වී ඇති බවත්ය.
මීට පෙර බොහෝ නිදහසේ අදහස් ප්‍රකාශ කර තමාට මේ වන විට යම් පාලනයකින් යුතුව අදහස් දැක්වීමට සිදු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
එසේ ම දූෂණ විරෝධී සටන දිගටම ගෙන යන බවද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබේ.
තමා නිරන්තරයෙන් ම සිටින්නේ ජනතාව සමඟ බවත් ඉදිරියේ දී නැවත දේශපාලනයට පිවිස ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම විටක වෙනස් නොවන බවයි.
230 Views
Comments