තවත් කොරෝනා ආසාදිතයන් 58ක් සහ මරණ 04ක්

ඊයේ (26) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 58 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669,639 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (25) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,679 ක් දක්වා ඉහළ ගියේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවකි.
207 Views
Comments