බස් මගීන්ට පෙරගෙවුම් කාඩ් පතක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

බස් මගීන්ට පෙරගෙවුම් කාඩ් පතක්

බස් මගීන්ට පෙරගෙවුම් කාඩ් පතක්

බස් මඟීන්ට නව තාක්ෂණයෙන් යුත් පෙරගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ යටතේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ගමන් කරන මගී ප්‍රවාහන බස් රථ වල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

සාමාන්‍ය ඩෙබිඩ් කාඩ් පතක් ලෙස ක්‍රියාකරන මෙම කාඩ්පත පෙර ගෙවීම් ක්‍රමයට අවශ්‍ය මුදල් තැන්පත් කර එමඟින් ගමනට අදාළ මුදල් ගෙවීමේ හැකියාව මගීන්ට හිමිවන අතර ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් ලෙස දේශීය රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව හරහා දැනට එම කාඩ්පත ලබා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

views

217 Views

Comments

arrow-up