මතුගම තිදරු මව වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම පාතාල බිරිඳකගේ

මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා තිබෙනනේ එම ප්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය දෙන පාතාල ප‍්‍රබලයකුගේ බිරිඳක් බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම පාතාල ප්‍රබලයා මේ වනවිට අතුරුදන්ව සිටින අතර ඔහු විදේශගත වී ඇති බවට සැක පළකරයි.
මේ අතර මෙම ඝාතනයට පාතාල මැරයන් දෙදෙනා පැමිණි යතුරුපැදිය මතුගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කළුතර කොට්ඨාස අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයින් දෙදෙනාගෙන් එකෙකු ඩුබායි රාජ්‍යයට හොර රහසේ පලා ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඝාතනයට සම්බන්ධ සියලූ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන කරගෙන යයි.
මතුගම ප්‍රදේශයේ කි‍්‍රයාත්මක පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම තිදරු මව ඝාතනයට ලක් විය.
1189 Views
Comments