පරවි වැල්ලේ දිය වැලකට හසුවූ තරුණියගේ ජීවිතය පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් අතින් බේරුණු හැටි

තංගල්ල පරවි වැල්ල මුහුදේ කිමිදෙමින් සුරතල් මසුන් නරඹමින් සිටි පිරිසක සිටි 24 හැවිරිදි තරුණියක් දියවැලකට හසුව මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේදී ඇයගේ ජීවිතය බේරා ගැනීමට පරවි වැල්ල ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් පෙරේදා(16) සමත්විය.
ගම්පහ පදිංචි මෙම තරුණිය තංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතර පිරිසක් සමඟ දිය නෑමට පැමිණ මුහුදේ කිමිදෙමින් සුරතල් මසුන් නරඹමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇත.
770 Views
Comments