දුරකථනයෙන් මවට අමතා පාසල් සිසුවිය හා හාදවී රැගෙන ගොස් සඟවාගෙන සිටි සැකකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

දුරකථනයෙන් මවට අමතා පාසල් සිසුවිය හා හාදවී රැගෙන ගොස් සඟවාගෙන සිටි සැකකරු අත්අඩංගුවට

දුරකථනයෙන් මවට අමතා පාසල් සිසුවිය හා හාදවී රැගෙන ගොස් සඟවාගෙන සිටි සැකකරු අත්අඩංගුවට

මවට දුරකථන ඇමතුම් ලබාගෙන හඳුනාගෙන, ඇයගේ දියණියව රැගෙන ගොස් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් බව පිංවත්ත පොලිසිය කියයි.

 

කාන්තාවක් විසින් තම දියණිය නිවසේ නොමැති බවට සිදුකරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මීට මාස දෙකකට පමණ පෙර පැමිණිළිකාරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති සැකකරුට ඇයගේ 14 හැවිරිදි දියණිය පිළිතුරු දී තිබේ.

 

27 හැවිරිදි තරුණයෙකු එලෙස දුරකථන ඇමතුම ලබාදී ඇති අතර පසුව ඔහු අවස්ථා ගණනාවකදී ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධවී ඇතැයි පොලිසිය පවසයි.

 

අනතුරුව අදාළ තරුණයා මීට දින දෙකකට පෙර රාත්‍රීයේ පැමිණ පාසල් සිසුවිය නිවැසියන්ට හොර රහසේ හොරණ ප්‍රදේශයට රැගෙනවිත් නිවසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

943 Views

Comments

arrow-up