අගමැති මහින්ද චමුදිතට කෝල් අරන් සැක අයගේ නම් ලිස්ට් එක ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

අගමැති මහින්ද චමුදිතට කෝල් අරන් සැක අයගේ නම් ලිස්ට් එක ඉල්ලයි

අගමැති මහින්ද චමුදිතට කෝල් අරන් සැක අයගේ නම් ලිස්ට් එක ඉල්ලයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබදව චමුදිත සමරවික්‍රම මහතාගෙන් කරුණු විමසා ඇතැයි වාර්තාවේ.

 

පෙරේදා(16) පෙරවරු 7.45ට පමණ චමුදිත සමරවික්‍රම මහතාට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කවුරුන් හෝ සිටීදැයි මාධ්‍යවේදියාගෙන් විමසා ඇතැයි පැවසේ.

 

එලෙස පුද්ගලයින් සැක කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව කියා ඇති මාධ්‍යවේදියා, ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් වහා අත් ඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයිද දැනගන්නට ලැබේ.

views

729 Views

Comments

arrow-up