ටයර් මිලත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

ටයර් මිලත් ඉහළට

ටයර් මිලත් ඉහළට

මේ වනවිට ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති ඩොලර් මිල නිසා රුපියල අව ප්‍රමාණය වීමත් එයට සමගාමීව යෙදවුම් පිරිවැය අධික ලෙස ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් නැවත පිරවූ ටයරයක නිෂ්පාදන වියදම රුපියල් 9,000 දක්වා වැඩි වී තිබෙන බැවින් අවම වශයෙන් 25%ක මිල වැඩිවීමක් නොලැබුණහොත් ලබන 15වනදා සිට ශ්‍රී ලංකා ගමණා ගමණ මණ්ඩලය වෙත ටයර් ලබාදීමට නොහැකි බව නිෂ්පාදන සමාගම් දැනුම් දී තිබේ.

 

 

මේ තත්වය යටතේ ටයර් නොලැබුණහොත් පවතින වෙළෙඳපොළට අනුව ටයර්වල හිඟතාවත් නව ටයර් මිලදී ගැනීම සඳහා ලංගමට මූල්‍යමය හැකියාවක් නොමැති වීමත් හේතුවෙන් දෛනික බස්රථ ධාවනය අඩාල විය හැකි බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සන්දේශයක් මගින් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා ඇත.

views

726 Views

Comments

arrow-up