ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන් අතුරින් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවැනි මානසික ගැටලුවලට ලක්වූ දරුවන් කිහිප දෙනකු ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.
ගෙදරට අසීමිත කාලයක් කොටුවීම නිසා සමාජ ආශ්‍රය නැතිවීම සහ උපකරණවල දුරකථන වැනි තාක්ෂණික උපකරණවලට අධික ලෙස ඇබ්බැහිවීම නිසා ඔවුනට මෙම මානසික ගැටලු ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙවැනි මානසික ගැටළුවලට ලක්වූ ඇතැම් දරුවන් මවුපියන් නුරුස්සන සහ ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන බවද පැවසුවේය.
882 Views
Comments