වතුර බිල වැඩි වෙයි ද?

ලබන වසර දක්වා ජල ගාස්තු වැඩි කිරීමට මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කරයි.
ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.
732 Views
Comments